Among Flowers & Between Rivers; Scenic Beauty of South Korea පුෂ්ප ගොමු හා නදී තෙරේ රැදුණු දකුණු කොරියාවේ සොඳුරු දසුන්

If you are a photographer or a poet, the places that I am going to introduce today will surely inspire you. You will be able to decipher the beauty of nature among multi-colored flowers or between the flowing waters of two great rivers. Let's enjoy the Garden of Morning Calm, Semiwon Water Lilly Park and Dumulmeori River confluence.

ඔබ ඡායාරූප ශිල්පියෙක් හෝ කවියෙක් නම් අද දින මම හඳුන්වා දෙන මෙම සුන්දර ස්ථානයන් නිසැකවම ඔබේ කලාත්මක මනසට ගෝචර වනු ඇත. නෙක පැහැ ගත් මල් ගොමු හා ගලා හැලෙන නදී තීරයන් නිසැකවම  පරිසරයේ සොදුරු බව කුමන රටකදී වුවත් ග්‍රහණය කරගත හැකි බව පසක් කර දේවි.

1) The Garden of Morning Calm -නිසල අරුණෝදයේ උද්‍යානය   (아침고요수목원)



Located in the Gapyeong city of Gyeonggi-do province of South Korea, the Garden of Morning clam is a large, privately held flower garden. Conceptualized by Prof. Han Sang-Kyung of Sahmyook University this garden is  beautifully landscaped to house various kinds of plants and flowers of Korea. The garden derives its name from a poem written by the  great Indian poet Rabindranth Tagore, who described the Jeoson Dynasty Korea as the "Land of Morning Calm".

දකුණු කොරියාවේ ගියෝන්ගි ප්‍රාන්තයේ ගප්යෝන්ග් නගරයේ පිහිටා ඇති නිසල අරුණෝදයේ උද්‍යානය පුද්ගලික අංශය යටතේ පවත්නා විශාල මල් වත්තකි. මහාචාර්ය හන් සන් කුන්ග් ගේ අදහසකට අනුව ඉදිකර ඇති මෙම උද්‍යානය මනා උද්‍යානකරණ ක්‍රමයන් යටතේ කොරියාවේ දැකිය හැකි නොයෙකුත් මල් හා පැලෑටි එක් කර දර්ශනීයව ගොඩ නගා ඇත. මහා කවි රබීන්ද්‍රනාත් තාගෝර් ගේ කවියක  ජෝසෝන් රාජධානි සමයේ කොරියාව "නිසල  අරුණෝදයේ දේශය" ලෙස හඳුන්වා දී ඇත.එම නම යොදා ගනිමින්  මෙම උද්‍යානය ද  "නිසල අරුණෝදයේ උද්‍යානය" ලෙස නම් කර ඇත. 











During all the year round, the garden offers a variety of flowers  depending on the seasonal conditions. The day that I visited was towards the end of August and the Roses of Sharon (Hibiscus ),  the national flower of Korea were in full bloom and roses and Hydrangea were also smiling at me under the bright sun-shine.

වසර පුරාවටම මෙම උද්‍යානයේ නොයෙකුත් වර්ණයන්ගේ මල් වල අලංකාරය අත්දැකිය හැකිය. ඍතු වල වෙනස්කම් අනුව පිපෙන නොයෙකුත් මල් වර්ග වලින් මෙම උයන පොහොසත් ය. මම මෙම උද්‍යානයට ගිය දිනය අගෝස්තු මස අග දිනයක් වූ බැවින්, දකුණු කොරියාවේ ජාතික පුෂ්පය වන "වද" මල් අපුරුවට පීදී තිබුණි. තවත් නෙක පැහැ පුෂ්පයෝ දීප්තිමත් හිරු එළිය යට සිනා සෙමින් සිටියෝය.





Roses of Sharon (National Flower of Korea)

Roses of Sharon (National Flower of Korea)






















This beautiful flower garden is a place for relaxation and is a place to harmonize yourself with the nature. If the hustle and bustle of Seoul city tires you out, the Garden of Morning Calm is sure to rejuvenate you through its flower therapy.

මෙම සොඳුරු උයන, පරිසරය හා ඒකාත්මික වීමට හා නගරයේ කලබලයෙන් ඈත්වී ක්ෂය වී ගිය මානසික ජවය යළි පණ ගන්වා ගැනීමට ඉතාම සුදුසු නැවතුමකි.



















2) Semiwon Water Lilly Park and Dumulmeori - සෙමිවොන් නෙලුම් මල් උයන හා දුමුල්මොරි ගංගා සන්ධිය (세미원, 두물머리)

 


Semiwon garden is dedicated to water-based flowers. The garden has huge ponds filled with beautiful lotus flowers and water Lilly flowers. The best period to visit the garden would be towards the end of July and beginning of August, when the flowers are in full bloom. Unfortunately when I visited towards the end of August the flowers were at the end of their life cycle so I was not able to catch the beauty of the huge ponds filled with lotus flowers. Yet still, the remaining flowers were bravely showcasing their beauty under the scorching  summer sun.

සෙමිවොන් උද්‍යානය ජලාශ්‍රිත පුෂ්පයන් වෙනුවෙන් සෑදුනු උයනකි. නෙලුම් හා මානෙල් මලින් පිරිණු විශාල පොකුණු වලින් මෙම උයන සමන්විතය. ජූලි අග භාගයේ හා අගෝස්තු මුල් කාලයේ මෙම උයන පිපිණු නෙලුම් මලින් අලංකෘතව පවතී. එහෙත් මම එහි ගිය අගෝස්තු මාසයේ අග භාගයේදී බොහෝ පුෂ්පයන් මැලවී ගොස් තිබුණි. එහෙත් ඉතිරි වී තිබු එකක් දෙකක් වන පුෂ්පයෝ එතකුදු තම සොදුරු පෙති විහිදුවා දැවෙන හිරු එලිය යට සිනා වෙමින් සිටියහ.









Dragon Head Water Fountain
A specialty of the Semiwon Park is the Soy-bean Jars Fountain (장독대분수). Arranged in a circle around a pine tree, this fountain represents the 12-months and various sub-divisions of the months according to the harvesting times in Korea. 

මෙම උද්‍යානයේ විශේෂ අංගයක් වනුයේ පයින් ගසක් වට කොට තනා ඇති, සෝයා ගබඩා කිරීමට යොදා ගන්නා දැව බඳුන් යොදා තැනු වතුර මලයි. මෙම වතුර මලින් මාස දොළහ සහ වගා කාල අනුව මාස දොළහ අනු කොටස් වලට බෙදන කොරියාවේ වගා දින දර්ශනය විහිදා දැක්වේ.



From Semiwon Park you can see the Dumulmeori area across the Hang River. It is a beautiful sight to behold. Dumulmeori means the  "head of two waters", this is the place where the "Bukhang" River and "Namhang" Rivers converge to make the famous "Hang" River of Korea.

සෙමිවොන් උයනේ සිට හන් ගංගාව ඔබ්බෙන් දුමුල්මොරි ගංගා සන්ධිය දැකිය හැකිය. කොරියානු බසින් දුමුල්මොරි යනු "ජල කඳන් දෙකක මුදුන" යන්නයි. මෙම සන්ධියේදී "උතුරු හන්" ගඟ හා "දකුණු හන්" ගඟ එක්වී දකුණු කොරියාවේ ප්‍රසිද්ධම ගංගාව වන "හන්" නදිය නිර්මාණය වේ.

Dumulmeori from Semiwon Park
From Semiwon Park you can walk to the Dumulmeori area by crossing the "Bridge of Boats" (배다리). This has been built by connecting boats underneath to support the bridge. This bridge is said to be first built during the Great King Jeongjo's (1752-1800) time.

සෙමිවොන් උයනේ සිට දුමුල්මොරි දක්වා යාමට "බෝට්ටු පාලම" එගොඩ වී යා යුතුය. මෙම බෝට්ටු පාලම පාලම යටින් බෝට්ටු එක්ක කොට ඒ මතින් ලෑලි අතුරා තැනු පාලමකි. ජෝසෝන් රාජධානි සමයේ ජෝන්ජෝ රජුගේ (1752-1800) යුගයේදී මෙම පාලම මුලින්ම ඉදිවූ බව සැලකේ.




After crossing the Bridge of Boats one can reach the Dumulmeori area. This area is such a picturesque area that photographers have tried to capture its beauty all the year round. The 400-year-old Zelkova tree adds more beauty to the location where a huge swath of water flows by.

බෝට්ටු පාලමෙන් එතෙර වී මනස්කාන්ත දුමුල්මොරි පෙදෙසට ගොඩ විය හැකිය. දැවැන්ත ජල දහරාවන් එක්වන එතන සිසිල සදමින් වසර 400 පුරා නැගී සිටින දැවැන්ත  සෙල්කොවා  ගසද අපුරු දසුනකි. මෙම දර්ශනීය පසුබිම ඡායාරූපයට නැඟීමට බොහෝ ඡායාරූප ශිල්පීන් උත්සහා දරා ඇත. ඍතු සතර තුලදී මෙම ස්ථානයේ පෙනුම නොයෙක් ආකාරයෙන් වෙනස් වන බැවින් වසර පුරාවට සංචාරකයන් ඇද ගන්නා දකුණු කොරියාවේ දර්ශනීයම ස්ථානයක් ලෙස දුමුල්මොරි සැලකේ.

400-year-old Zelkova Tree


Map

Article and Photos by: Amanda GG Supporter

Unknown

GG Tour is the official blogsite of the Gyeonggi-do Tourism Organization - GG Supporters program. It aims to introduce tourism spots in Gyeonggi-do Province and provide information to make your travel here more convenient and fun.

No comments:

Post a Comment